කොහොමත් හොද නැන්දම්මලට නරක ලේලිලයි,,නරක නැන්දම්මලටයි හොද ලේලිලයි ලැබෙන එක ලෝක ස්වාභාවේ තමා 😢
මං කොච්චර කරත් මගෙ නැන්දම්මට නම් ඒවා ගානක් නෑ.හැමවෙලේම බැලුවෙ පවුල කඩලා දාන්න.එයාගෙ දුවට තමා හැමදේම දුන්නෙ.අන්තිමට බබා ලැබෙන්න ඉද්දි මං නිතරම අඩනවා දැකලා husband මාව අරන් වෙන ගෙදරකට ආවා.එදා ඉදන් තමා හිතේ නිදහසේ හිටියෙ..මං ඇවිත් මාසයක් යන්න කලින් husbandගෙ අම්මාට operation එකක් කරන්න උනා.එයා දැන් එකතැන් වෙලා ඉන්නෙ.සතියකට සැරයක් වගේ ගිහින් බලලා එනවා.බබා නිසා නිතරම යන්න බෑනෙ...හැම නැන්දම්මා කෙනෙක්ම හිතුවනම් එයාලත් කාලෙකට කලින් ලේලියක් කියලා මෙහෙම ප්‍රශ්න ඇතිවෙන් නෑ
තමන්ට දුවෙක් ඉන්නවා නම් හැම අම්මෙක්ම හිතන්න ඕනේ ලේලිගේ වරදක් නැතුවත් ලේලිට අයහපතම කරනවා නම් ඒක කැරකිලා තමන්ගේ දුවටත් එනවා කියලා. 😏
කතාව ඔක්කොම බැලුවා. comets ටිකක් බැලුවා. සීයට අනු 9ක් ම නැන්දම්මලට දොස් තමයි.. මේක ලොකු ඛේදවාචකයක්.. සමහර පවුල් තියනවා මමත් දන්න . මම හිතන්නේ සංසාරයේ පතාගෙන එන සතුරෝ තමයි මේ ආත්මයේ නැන්දම්මල ලේලි ල වෙලා වෛර පිරිමහන්නේ. මගේ මහත්තයාගේ අම්මාට🙏🙏🙏 යන්තමට නම ලියාගන්න පුලුවන් තරමට පොතේ උගත්කම තිබුනත් ජීවිත තක්ෂලාවේ ඇය මහාචාර්යවරියක්. ඇයගේ දරුවන් 7 දෙනාටම ඇය ඉගෙනීම මෙන්ම ගුණධර්මත් නොඅඩුව දුන්නා. මහ ගෙදර නවතින්න ආපු මටත් අම්මා උනා. මමයි මහත්තයයි අතර ප්‍රශ්නයක් උනත් මගේ පැත්තේ තමයි අම්මා . දැන් ඇය මියගිහින් වසර 6 ක්. ඒ ගුනවත් මාතාව දේවතාවියක් වෙලා ඇති🙏🙏මගේ නෑනලා 5ක්. ඒ අක්කලාත් මගේ අම්මා වගේ තමයි. අපි හැමෝගෙම දරුවන් ඉගෙන ගන විවාහත් වුනා. මගේ ලොකු පුතත් මට රෝසමලක් වගේ සුන්දර උගත් කෙල්ලෙක් ගෙනත් දුන්නා. ඉතින් දැන් මට දුවලා දෙන්නෙක් උනානේ.. මගේ පවුල මට වාසනාවක්..🌹🌹🌹
මටත් නැන්දම්මා කරපු ඒවාට, දැන් එයාගේ දුව විදවනවා.. අනිත් අයගේ දුක දැනෙන්න ඕන..
හොඳ නැන්දම්මලාට නරක ලේලිලා හම්බවෙනවා.. හොඳ ලේලිලාට නරක නැන්දම්මාලා හම්බෙනවා 😢
අපේ නම් නැන්දම්මා අම්මා වගේම ආදරේයි මාත් එහෙමයි ❤🥰
මටත් නැන්දම්මා කරපු ඒවට දැන් එයාගෙ දුව විදවනවා ඊටත් වැඩිය..නැන්දම්ම නම් තවමත් ඒ විදියමයි..එ
මමත් පන යනකන් නැන්දම්මට හැම දෙම කරනව එ උනාට වැඩක් නැ. එකි ගමටම පෙන්න මට හොද්ට සලකනො කියල පෙන්නල යටින් ඉන දෙන් නැ. ..එ නැන්දම්ම කියන්නෙ එයාගෙ පුතාලට ඔන තරන් ගැනු ගන්න පුලන් කියල .. හනෙ මන්ද. කොච්චර කරත් හොදක් නම් නැ.
ඒ..අතින් මගේ නැන්දම්මා අම්මෝ..අම්මා අගේමයි මගේ..
මගේ නැන්දාම්මා හොදයි විසබිජ දානවා ඔලුවට අනිත් අය නැන්දාම්මා හරිම හොදයි එකටත් එක්ක මාමාන්ඩි අප්පො අෑණයක් හොදේ මයි නැන්දාම්මායි යාලුවො වගේ ඉන්නෙ
මේ කතාව එක්ක බලද්දි මගෙ මහත්තයගෙ අම්මා කොච්චර හොදද.එයාට ඉන්නෙම පුතලා තුනක්.මගෙ අම්මා තරම්ම මටත් ආදරෙයි.මං එයාගෙ ලොකු ලේලි.මගෙ හිනාව මිසක් කඳුලක් වැටෙන්න දෙන්නෙ නෑඑයා.මාත් එයාට ගොඩාක් ආදරෙයි❤
මේ කතාව 90% ක්ම අපේ ගෙදරට සමානයි.මටනම් දැන් අවුරුදු 19යි.ඒත් මම මේක ඇස්දෙකෙන් දැකල තියේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු.මට තේරෙන කාලෙක ඉඳලා ගෙදර රණ්ඩු.අම්මයි තාත්තයි අතර රණ්ඩුවලටත් 90%ක්ම හේතුව තාත්තගෙ කසාද නොබැඳපු ගෙදාර ඉන්න අක්ක.ඒ කියන්නෙ දෙවෙනි නැන්දා.එයා තමයි කිරියම්මගෙ ඔලුවත් කෑවෙ.ඉස්සර අපේ අම්මා තාත්තගෙ අම්මව බේත්ගන්න එහෙම එක්කන් ගියාම නැන්දා කිරිඅම්මට කියනවා අම්මට පිට ගෑණු ලොකුවෙලා කියලා.ඔහොම එක එක විෂබීජ ඔලුවට දාලා එයාව කෙටෙව්වා.ඊටපස්සෙ දෙන්න එකතුවෙලා අම්මාගෙ අම්මා, අපේ අම්මාලව්වා නැන්දගෙ සල්ලි හොරකම් කෙරෙව්වා කියලා අම්මට නොසෑහෙන්න නිකරුණේ බැන්නා;රණ්ඩු කරා.අපේ තාත්තගෙ පඩිය loans වලට කැපෙන නිසා අම්මාගේ පඩියෙන් තමයි ගෙදර balance කරේ.අපේ අම්මගෙ අම්මගෙ පැන්ෂන් එකෙනුයි , අම්මගෙ නංගි එයාගෙ සැලරි එකෙනුයි මාසෙකට ලොකුගානක් දෙනවා.ඒ මදිවට එයාලගෙ වතුවලින් පොල් ගෙඩියේ පටන් හැම දෙයක්ම අපිට දෙන්නෙ. එහෙම කරන කිරිඅම්මටයි පුංචිටයි අරහෙම අරුන් කරේ.මම ඒදවස්වල ඉස්කෝලේ hostel එකේ හිටියේ.මට සතියෙම හිතට වද දුන්නෙ ඒ ප්‍රශ්න ඒදවස්වල.අම්මා ඒවා ඔක්කොම අමතක කරලා ගිය අවුරුද්දෙ එක්තැන් උන තාත්තගෙ අම්මව බලාගන්නවා.ඒ තියෙද්දිත් තාත්තගෙ පොඩි නැන්ද ඇවිත් අපේ 2වෙනි නැන්දට එක එක මගුල් ඔලුවට දාලා රණ්ඩු වෙන්න උසිගන්නනවා.තාත්තට සහෝදරියෝ 2ක් ඉන්නවා රස්සාවක් කරන්නෙත් නෑ උං. එකෙක් නිකමට වත් බලන්නෙ නෑ කිරිඅම්මගැන.ඇද හොයන්නනම් එනවා.අම්මයි තාත්තයි ඉස්කෝලෙ ගිහින් මම ගෙදර ඉන්න දවසක් ඔය පොඩි නැන්දා ඇවිත් එක එක දේවල් කියන්න පටන් ගත්තා.මම එදා කිව්වා මලපැන්න පාරට කන්වල ඇඟිලි ගහගන්න කිව්වා එයාලා මේ පවුලට කරපු දේවල්. තාම තරහයි මාත් එක්ක එයාලා.පොඩිකාලේ ඉඳලා ගෙදර ප්‍රශ්නවලට 90%ක් වගකියන්න ඕනි උන්.එක එක අමූලික බොරු කේලම් කියලා පවුල් කඩන එක එයාලගෙ ආතල් එක.තාත්තටත් ලොකු එයාලව.ඇත්ත සහෝදරයෝ ලොකුයි තමා.එයාලට සලකන්න ඕනි.ඒත් අපිට අච්චර උදවු කරන,ලක්ෂ ගණන් එයාලවත් නොකා නොබී අපිට දෙන,හැම වෙලාවෙම උදවු කරන අම්මගෙ අම්මයි, නංගියි ගැන බලන්න යනවට තාත්ත කැමති නෑ.වෙන මොනවත් නෙවේ අර සහෝදරියෝ කේලම් කියන නිසා.අපේ අම්මගෙ අම්මා වචනෙකින්වත් මෙහෙඅයට බනින්නෙ නෑ.එයා කියන්නෙ මොනා උනත් ඒ තාත්තගෙ නෑයොනෙ කියලා.මම නම් කියන්නෙ හැමෝම අහිංසක උනොත් ප්‍රශ්න වැඩියි.තව කසාද බඳින්න කලින් තමන්ගෙ පැත්තෙ ප්‍රශ්න හංගන අයගෙන් වෙන් වෙන්න දෙපාරක් හිතන්න ඕනි නෑ.මහගෙදර නොඉඳ වෙනම තමන් හම්බකරලා ගෙදරක් හදාගෙන,දෙමාපියන්ට හොඳට සලකගෙන ඉන්න එක තමයි හොඳම දේ.
බුදුසරණයි ලස්සනයි කතාව ❤️❤️❤️
දුවලා ඉන්න අම්මලා දැන ගන්න ඕන. දුව දුන්න නම් ඒ අලුත් පවුලට ඇගිලි නොගහා ඉන්න. දුවලා ඉන්න අම්මලා විශේශයෙන් එය මතක තබා ගත යිතුයි😐😐😐😐😐
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Nendammawa amma karagena leliwa duwek karaganna puluwan unanam me Dewal Mehema wenne ne.ape gedaranam mewage prasna ne❤❤
නාට්‍යයේ අවසානයට වෙන දේ මයි මගේ බිරිඳට වෙන්නේ😊😊😊😊
අපේ නැන්දම්ම නම් හැම වෙලේම ඉන්නෙ මගේ පැත්තෙ අපි දෙන්නා යාලුවො වගේ ඉන්නෙ මට ගොඩාක් ආදරෙයි
@ChethanaWeerasingha